"Youth link" Sri Lanka' තරුණ හුවමාරු වැඩසටහනේ පළමු අදියර නොවැම්බර් 7 වැනිදා සිට නොවැම්බර් 12 වෙනිදා දක්වා යාපනයේ දී පැවැත්වේ.
මෙම දේශීය තරුණ හුවමාරු වැඩසටහන “Connect – 2025 YOUTH Clubs” යටතේ ශ්රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලියාපදිංචි යෞවන සමාජයක් ආශ්රිතව ක්රියාත්මක වේ.
එක් වැඩසටහන දින 6ක් ක්රියාත්මක වන අතර, සෑම කණ්ඩායමකට ම තරුණ තරුණියන් 25 දෙනෙකු සහ නිලධාරීන් 2 දෙනෙකු ඇතුළත් වේ.
සහභාගිවන්නන් වයස අවුරුදු 18 ත් 29 ත් අතර විය යුතු අතර, කාන්තා නියෝජනය 10ක් සහ පිරිමි නියෝජනය 15ක් පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ.
මෙහිදී සත්කාරක දිස්ත්රික්කයේ යෞවන සමාජයෙන් 10 දෙනෙකු ද, ඉතිරි 15 දෙනා දිස්ත්රික්කය නියෝජනය වන පරිදි ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකින් ද තෝරා ගෙන ඇත.