Thursday, November 06, 2025
Follow Us
2026 අයවැය කතාව හෙට

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙට (07) (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) සිදු කිරීමටත් අනතුරුව 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් නියමිතය.

විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම පසුගිය සැප්තැම්බර් 26 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) හෙට (07) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත් වේ. 

ඒ අනුව නොවැම්බර් 14 ප.ව 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5 ප.ව 6.00 ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් නියමිතය.

මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ.