Monday, January 19, 2026
Follow Us
මාතලේ සුදු ගඟ හරහා ඉදිකරනු ලැබු අංකන්ද එල්ලෙන පාලම ජනතා අයිතියට
ග්රාමිය සංවර්ධන හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්යාංශයේ ප්රතිපාදන මත මාතලේ සුදු ගඟ හරහා ඉදිකරනු ලැබු අංකන්ද එල්ලෙන පාලම ජනතා අයිතියට පත්කිරිම බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා සිදුවිය.
භාවිතයට ගත නොහැකි අන්දමට අංකන්ද පාලම අබලන්ව පැවතිම නිසා ප්රදේශයේ ජනතාවට දැඩි අසිරුතාවයකට පත්ව සිටියහ.
 
ප්රදේශයේ ජනතාවගේ ඉල්ලීම අනුව රුපියල් ලක්ෂ 78ක් වැය කොට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ පාලම ඉදිකෙරිණ.
 
මෙම පාලම ඉදිකිරිමත් සමඟ අංකන්ද, දිග්ගල, හුණුකැටැල්ල, රන්මුතුගම යන ප්රදේශයන්හි පවුල් 300කට පමණ සෙත සැලසේ.