Monday, January 19, 2026
Follow Us
නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය පත් කෙරේ

ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය පත්ව සිටී.

මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී හෙට පෙරවරු 9.00 ට යෙදෙන සුභ මොහොතින් සුමනසේන මහත්මිය නව තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කරනු ලැබුවාය.

කම්කරු නිලධාරීනියක් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවයට එක් වුණු ඇය එම දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙසත් සේවය කර ඇති අතර එමෙන් ම කුවෙට් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරියක ලෙස ද සේවය කර ඇත.

දීප්ති සුමනසේන මහත්මිය පරිපාලන සේවයේ දීර්ඝ කාලීන හසල අත්දැකීම් ඇති මහත්මියෙකි.