ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය (IOWave ) හෙට(05) පෙරවරු 8.30 දිස්ත්‍රික්ක හතරක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
මෙම වැඩසටහන පෙරහුරු වැඩසටහනක් පමණක් බවත් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් ඒ මහතා විශේෂයෙන් එහිදී අවධාරණය කළේය.
ඒ අනුව මඩකලපුව , ගාල්ල, යාපනය සහ කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 5කදී මෙම පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එදිනට සැබෑ සුනාමි තත්වයක් ඇති වුවහොත් මෙම වැඩසටහන වහාම නතර කර ඒ පිළිබඳව ජනතාව කඩිනමින් දැනුවත් කිරීමට අවශ්‍ය නිල ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කර ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.