Friday, October 24, 2025
Follow Us
සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ නීති පියවර ගන්නවා- අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්

සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අතර එය කිසි දු අයුරකින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ඊට අනුබද්ධ ආයතනයක් විසින් හෝ ප්‍රකාශයට පත් කරන ලද්දක් නොවන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.


මෙම ව්‍යාජ ලේඛනය සකසා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පිළිබඳ සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.