Tuesday, October 21, 2025
Follow Us
පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක්
 
තම අවට පරිසරය පිරිසිදුව පවත්වා ගන්න
ජාතික ඩෙංගු මර්දන ඒ්කකය

 

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ‌ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරයි. මේ වන විට දිස්ත්රික්ක 11 ක මෙම වැඩිවීම දක්නට ලැබේ.
 
කොළඹ ,ගම්පහ, කලුතර ගාල්ල, මාතර, මහනුවර ,කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව, යාපනය එම දිස්ත්රික්කයි. ගතවූ කාලයේදී ඩෙංගු රෝගීන් හතළිස්දහසකට අධික පිරිසක් වාර්තා වී ඇති බව ප්රජා විශේෂඥ වෛද්ය ප්රශීලා සමරවීර මහත්මිය පවසයි. මේ නිසා තම අවට පරිසරය පිරිසිදුව පවත්වා ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒ්කකය වැඩිදුරටත් අවධාරණය කරයි.