Sunday, October 19, 2025
Follow Us

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දිගු රන්වන් දුබුරු වැලි සහිත වෙරළ තීරයක් වන තලල්ල වෙරළ තීරය ජාත්‍යන්තර සහතික ලාභී නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය පසුගිය 27දා තලල්ල වෙරළ තීරයේදී ආරම්භ කෙරිණි.

Clean Sri Lanka වැඩසටහන යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

අන්තර් ජාතික නිල්ධජ වෙරළ පාරිසරික සහතිකය යනු, ලෝකයේ වෙරළ තීර වල පාරිසරික සංරක්ෂණය, ජල තත්ත්වය, පාරිසරික දැනුවත් වීම, ආරක්ෂාව හා සේවා පිළිබඳ තත්ත්වය මත ලබාදෙන පාරිසරික සහතිකයකි. නිල්ධජ වෙරළ තීරයක් ලෙස මෙම වෙරළ තීරය සංවර්ධනය කරමින් සංචාරක ආකර්ෂණය ඉහළ නංවා, රටේ ආර්ථික වර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙහිලා මෙකී වැඩසටහන සුවිශේෂී දායකත්වයක් සපයනු ඇත.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍ය  වෛද්‍ය ධම්මික පටබැඳි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර යන මහත්වරු  සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.