Wednesday, February 11, 2026
Follow Us
රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව දීමට එරෙහිව පෙත්සමක්

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ නම් විත්තිකරුට ජනාධිපති සමාව ලබාදී ඔහුව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය මඟින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් කාන්තා මාධ්‍ය එකමුතුව නමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපති, ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ, බන්ධනාගාර කොමසාරිස්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම විභාගය නිමවන තුරු ජනාධිපති සමාව අත්හිටුවන ලෙසත් ජූඩ් ශ්‍රමන්ත නම් වග උත්තකරුට රටින් පිටවීම තහනම් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා ඇති බව සඳහන්.

(LNW)