විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදි ආරම්භ කර ඇත.
ඊයේ (18) ආරම්භ වූ මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කර තිබේ.
'විදේශ රැකියා නියාමන අධිකාරිය' යන පදනම සහිතව 1985 ස්ථාපිත කළ මෙම ආයතනයෙහි කාර්යය වන්නේ විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට ඔවුන්ගේ පැමිණිලිවලට සාර්ථක හා කඩිනමින් විසදුම් ලබාදීමය.
මෙම අවස්ථාවට සහභාගී වූ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ විදේශ රැකියා වංචාවන් වැළැක්වීම හා පැමිණිලි සඳහා කඩිනමින් විසදුම් ලබා දී විගමනික ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් මෙම ඒකකය පිහිටුවන බවත් නව රජය බලයට පත්විමෙන් අනතුරුව කඩිනමින් මෙම ඒකකය ස්ථාපනය කිරිමට හැකි වූ බවත්ය.