Tuesday, September 02, 2025
Follow Us
අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ ව්‍යවසායකයින්ට විශේෂිත වැඩසටහනක්
අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් ශ්රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.

 

මෙම වැඩසටහනට අපනයන වෙළඳපොළට ඇතුළුවීමේ හැකියාව පෙන්වන කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් 100 ක් එක් වූ අතර ඔවුන්ගේ දැනුම සහ ධාරිතාව වැඩි දියුණු කිරීම මෙහි මූලික අරමුණයි.
 
කර්මාන්තය සහ අපනයන අවස්ථා, ඇසුරුම් විසඳුම් , තොරතුරු තාක්ෂණ විසඳුම් සහ ඊ-අලෙවිකරණ, උපාය මාර්ග සහ ඒකාබද්ධ ප්රවාහන සේවා ලෙස මෙහිදී අපනයන ව්යාපාරයේ ප්රධාන අංශයන් ආවරණය වන විශේෂ තාක්ෂණික සැසි හතරක් පැවැත්විණි.
 
මෙහිදී අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් - සංවර්ධන (වැඩ බලන) කුමුදුනී මුදලිගේ මහත්මිය සඳහන් කළේ ශ්රී ලාංකික අත්කම්, තෑගි භාණ්ඩ, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන අංශය අපගේ අපනයන වර්ධනයට පමණක් නොව ශ්රී ලංකාවේ ප්රතිරූපය ශක්තිමත් කිරීමටද වැදගත් දායකත්වයක් ලබා දෙන බවයි.