කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් සංවිධානය කරන ‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය විදෙස් සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දර ගමනාන්තයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු මස 29, 30 සහ 31 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
දේශීය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දේශීය සහ විදේශීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදෙමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව දිවයින පුරා “Made in Sri Lanka” වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
මෙවර ප්‍රදර්ශණය මගින් තෝරාගත් නව දේශීය නිෂ්පාදන රැසක් හදුන්වා දීමට සැලසුම් කර ඇති අතර එමගින් ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට විදේශ ගැණුම්කරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවස්ථාවද උදාවෙයි. ගුණාත්මක තත්වයේ ප්‍රමිතිගත දේශීය නිෂ්පාදන රැසක් සහිත වෙළද කුටි 60කින් සමන්විත මෙම අලෙවි ප්‍රදර්ශනයේ ක්‍රීඩා අංග, පහතරට සම්ප්‍රදායන් කැටි කොට ගත් දේශීය සංස්කෘතික සංදර්ශනයන්, DJ සංගීතය, කැලිප්සෝ සංගීතය සහ අවසාන දිනයේ සංගීත ප්‍රසංගයක්ද සංවිධානය කර තිබෙයි. මෙම අලෙවි ප්‍රදර්ශනයට සමගාමීව සජිවී ආහාර සැකසුම් කුටි රැසක්ද ආරුගම්බේ වෙරළ භූමිය තුල ස්ථාපනය කර ඇති අතර ප්‍රදර්ශනය හරහා මිලදී ගන්නා භාණ්ඩ විදේශයන්ට ප්‍රවාහනය කිරීම සදහා එම පරිශ්‍රය තුල කුරියර් පහසුකම්ද සලසා ඇත.
විනෝදාත්මක සැණකෙලියක් ලෙසින් ආරුගම්බේහිදී සංවිධානය කර ඇති Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය ගැණුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවෙයි.