අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා සැප්තැම්බර් මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.
සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.
ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිධන් හැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් උදිත ලියනගේ මහතාගේ බිරිඳ පිළිබඳ සිදුකෙරෙන විමර්ශන කටයුතුවලට අදාළ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි.