Sunday, May 10, 2026
Follow Us
උතුරු නැගෙනහිර හර්තාල් අසාර්ථකයි

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ දී තරුණයෙක් මියයාමේ සිද්ධියට සාධාරණයක් ඉල්ලා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (18) දිනයේ උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාල ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණී.

දේශපාලන පක්ෂ කිහිපයකගේ මූලිකත්වයෙන් මෙවැනි හර්තාල් ව්‍යාපාරයක් සිදු කිරීමට උත්සහ කළත් එය ආසාර්ථක වී තිබෙන බව වාර්තා වෙයි. 

ඒ අනුව මේ වන විට යාපනය, වව්නියාව ඇතුළු උතුරු පළාතේ පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු අනෙකුත් ආයතන සහ ව්‍යාපාරික ස්ථානවල සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන බව වාර්තා වෙයි .

මේ අතර නැගෙනහිර පළාතේ අම්පාර නගරයේ සාමාන්‍ය පරිදි වෙළෙඳසැල් සහ අනෙකුත් ආයතන විවෘත කර, ජන ජිවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.