Wednesday, February 11, 2026
Follow Us
තවත් සිව් දෙනෙක් ජනපතිගෙන් සමාව ඉල්ලයි

රෝයල් පාර්ක් නඩුවේ චූදිතයාට ජනාධිපති සමාව ලබාදුන් ආකාරයට තමන්ටද ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින්, මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් දෙදෙනෙකු ආරම්භ කළ විරෝධතාව අද (13) 03 වන දිනටත් කි‍්‍රයාත්මක වනවා.

ඉකුත් සදුදා සිට එලෙස විරෝධතාවයක නිරත වන්නේ H වාට්ටුවේ රඳවා සිටින රැඳවියන් දෙදෙනෙක්. ඔවුන්ට සහය දක්වමින් මරණ දඩුවම නියමව සිටින තවත් රැඳවියන් සිව් දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැග අද එම විරෝධතාවට එක්ව තිබෙනවා.

මේ අතර විරෝධතාවට එක්ව සිටින රැඳවියන්ට වහලයෙන් බැස සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම්දීමක් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් පැවසුවේ.

(Neth)