Friday, August 08, 2025
Follow Us
පෙරහැරේ යන අලි ඇතුන්ටත් සම්මාන පළඳනා
වසර හතළිහකට වඩා වැඩි කාලයක් ඇසළ පෙරහර මංගල්යයට දායක වූ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා පිරිනැමීම මහනුවර ශ්රී දළදා මාලිගාවේදී ඊයේ(07) සිදුවිය.
මෙරට අනූ හයක් වන හීලෑ අලි ඇතුන්ගෙන් අලි ඇතුන් හතළිස් හත් දෙනකු අවුරුදු හතලිහට වඩා වැඩි කාලයක් සංස්කෘතික මංගල්යයන්වලට සහභාගී වූ
හීලෑ අලි ඇතුන් වන බව දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසයි.
ඒ අනුව අලි ඇතුන් 27 දෙනෙකු මෙම සම්මාන පළදෙනාවෙන් පිදුම් ලැබීම මහනුවර ශ්රී දළදා මාලිගාවේ මහමළුව අබියදී පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.