Saturday, July 26, 2025
Follow Us
දළදා මාළිගාවේ කප් සිටුවීමේ මංගල්‍ය අද සිදු කෙරේ

මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (ජූලි 25) අලුයම යෙදී තිබූ සුබ මෙ‍ෙහාතින් සිටුවන ලදී.

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකරන මෙම චාරිත්‍රය අවසන් වූ පසු අද සිට නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ වේ.
ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යෙයේ ප්‍රථම කුඹල් පෙරහැර එළැඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දිනද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.