Tuesday, July 22, 2025
Follow Us
2025 "ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මාන"උළෙලේ “පාරිසරික අංශයේ ජගත්  සම්මානය දිනා ගත්  ආචාර්ය නදීශා චන්ද්‍රසේනට ඇගයීමක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය World Intellectual Property Organization (WIPO) විසින් පිරිනැමෙන 2025 "ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මාන"උළෙලේ (WIPO Global Awards 2025) “පාරිසරික අංශය” සඳහා වන සම්මානය දිනා ගැනීමට ආචාර්ය නදීශා චන්ද්රසේන මහත්මිය සමත්වී තිබේ. ඊයේ (21) ඒ් මහත්මිය පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා හමුවිය.

මෙහිදී ඇය විසින් නිපදවන ලද සුහුරු කාණු නවෝත්පාදනය සඳහා ලැබුණු ජගත් සම්මානය පිළිබඳ පරිසර නියෝජ්ය අමාත්යවරයා ඇයව ඇගයීමට ලක්කර අතර ඇගේ නිෂ්පාදන ඵලදායී ලෙස යොදා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඇය විසින් නිපදවන ලද සුහුරු කාණුව මගින් නගර ආශ්රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇත.
 
විශේෂයෙන් පොලිතින් සහ ප්ලාස්ටික් සිරවීම හේතුවෙන් නගර ආශ්රිතව ඇති විවෘත කාණුවල එම අපද්රව්ය සිරවීමෙන් නිතර ජල ගැලීම්වලට ලක්ව තදබදයට ලක්වෙන අතර පොලිතින් සහ ප්ලාස්ටික් පෙරීමට ලක්කර වර්ෂාවෙන් ලැබෙන වර්ෂා ජලය දෙවැනි තට්ටුවකින් ගලා යාම මෛ සුහුරු කාණු පද්ධතිය හරහා සිදුවන අතර ලොව පළමු තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව ලෙස මෙය හඳුනා ගනු ලබයි.
 
නදීශා මහත්මිය විසින් ඉදිරියේ දී පරිසර අමාත්යංශය සමඟ මෙම නිෂ්පාදනයට අදාළ ප්රායෝගික භාවිතයන් සිදු කිරීමට සිය කැමැත්ත පළ කළ අතර පරිසර සංරක්ෂණ ක්රියාවලිය සඳහා පරිසර අමාත්යංශය විසින් සිදු කරනු ලබන වැඩසටහන් සඳහා ඇයගේ දායකත්වය ලබා දීම පිළිබඳ මෙම හමුවේ දී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණ.