Tuesday, March 10, 2026
Follow Us
"භාතිය" යන්නම යයි

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන 8.55ට පමණ මියගොස් තිබේ.

වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දැරීය.

එසේ වුවත් මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවයි  පශු වෛද්‍යවරුවන් ප්‍රකාශ කර ඇත්තේ.