Thursday, June 26, 2025
Follow Us
රට පුරා "නිෂ්පාදන සමුපකාර දහසක්" ආරම්භ කිරීමේ වැඩසටහනක්

වත්මන් රජයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සඳහන් සමුපකාර පුනරුදය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙහෙයවන "නිෂ්පාදන සමුපකාර දහසක්" ආරම්භ කිරීමේ වැඩසටහනේ පළාත් මට්ටමින් සමුපකාර කොමසාරිස්වරුන් සහ පළාත් සමුපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීමේ මූලික වැඩසටහන ඊයේ (25) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

ෙඑහිදී දැනට පවතින නිෂ්පාදන සමුපකාර හඳුනා ගැනීම, අක්‍රීය මට්ටමේ ඇති නිෂ්පාදන සමුපකාර නැවත සක්‍රීය කර ගැනීම සඳහා පියවර ගැනීම,තෝරා ගත් කෘෂි භෝග 12ක් සඳහා වසර තුනක් ඇතුළත පියවර වශයෙන් නිෂ්පාදන සමුපකාර දහසක්, ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ යටතේ 2026 වසරේදී සමූපකාර 200ක්, 2027 සමූපකාර 400ක්, 2028 සමූපකාර 400ක් වශයෙන් ක්‍රියාත්මක කරේ.‍ෙතෝරා ගත් නිෂ්පාදන වලට අමතරව ඒ ඒ ප්‍රදේශ වල ඇති වෙනත් නිෂ්පාදනයන් සඳහා ද⁣ අවස්ථාව ඇති අතර දිවයිනේ සමහර පළාත් තුල ඇති විශේෂිත සේවා වන සංචාරක මඟ පෙන්වන්නන්ගේ සේවා, උපස්ථායක සේවා, අලෙවිකරණ සේවා වැනි සේවා සඳහාද සමුපකාර නිර්මාණය කළ හැකිය.
මෙම නිෂ්පාදන සමුපකාර දහස නිර්මාණය කිරීම තුල තෝරා ගත් කෘෂි බෝග 12 ක් නිෂ්පාදනය කිරීම මඟින් දැනට එම බෝග සඳහා වන වාර්ශික ආනයන වියදමින් ඩොලර් මිලියන 800ක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වේ.


ඒ අනුව එම බෝග ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 1600ක් වූ ආනයන වියදම 50% කින් අඩු කර ගැනීම ඉලක්ක කර ඇත.


මෙයට සමගාමීව දෙවන අදියර යටතේ සුළු අපනයන බෝග 12ක් පදනම් කර ගනිමින් තවත් සමුපකාර 500ක් නිර්මාණය කිරීමට ද නියමිතය.
මෙයින් වසරකට ඩොලර් මිලියන 500ක් උපයා ගැනීමට බලාපොරොත්තු වේ.


මේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ සමුපකාර දෙපාර්තමේන්තුව හරහා පළාත් කොමසාරිස්වරුන්ට ලබා දීමට කටයුතු කරනු ඇත.


අද දින පැවති මෙම සාකාච්ඡාව සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස් / සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් ආශා හපුආරච්චි මහත්මිය ඇතුලු දිවයිනේ සියලුම පළාත් සමුපකාර කොමසාරිස්වරුන්, පළාත් සමුපකාර අමාත්‍යාශ ලේකම්වරුන් සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.