වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති හලාවත වැවිලි සමාගමෙන් වැඩසටහන් කිහිපයක් පසුගියදා (21) හලාවත වැවිලි සමගමේ පලුගස්වැව වත්තේ දි සිදු කෙරිණි.
ඒ අනුව හලාවත් වැවිලි සමාගම යටතේ ඇති වතු 10ක් සඳහා නව ට්‍රැක්ටර් රථ 10ක් ද, වතු අධිකාරිවරුන් සඳහා නව යතුරුපැදි 10ක් ද බෙදා දීමට මෙහිදි සිදු කරන ලදි. තවද හලාවත වැවිලි සමාගම 2025 අප්‍රේල් 30 වන දිනෙන් අවසන් වූ කාල පරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 252.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කළ අතර, එය 2024 අප්‍රේල් අවසානයට වාර්තා කල රුපියල් මිලියන 91.0 ක ලාභයට සහ 2025 අප්‍රේල් දක්වා අයවැයගත ලාභය වන රුපියල් මිලියන 88.2 ක ලාභයට සාපේක්ෂව ඉහල අගයකි. මෙම මාස හතරෙහි ලාභය පසුගිය වසරෙහි වාර්ෂික ලාභය වන රුපියල් මිලියන 219.2 ද අභිබවා යාමකි.
වියදම් කළමණාකරනය කරමින් අවශ්‍යතාවෙනුවෙන් මෙවැනි ආයෝජන කරමින් වැවිලි සමාගම මගින් ජාතික ආර්ථිකයට වැඩි දායකතවයක් ලබා දීමට කටයුතු කිරිම හොඳ ආදර්ශයක්. ලද ආදායමෙන් මිලදි ගත් මෙම ට්‍රැක්ටර් රථ හා යතුරු පැදි කාර්යක්ෂම ලෙස භාවිතා කර වත්තේ ආදායම තවත් වැඩි කරගතයුතු බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කලේය.