නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමක් නැතත් ආසියාවේ කොවිඩ් රෝගීන් වර්ධනය වීම හේතුවෙන් මෙරට ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගන්නා බව ඒ මහතා පෙන්වා දුන්නේය.
නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බිය විය යුතු නැතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මුඛ ආවරණ පැලඳීම සිදු කරන ලෙස ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා(28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස්කර සාකච්ඡා පැවැත් වූ බව ද පැවසීය.
බිය වීමට තරම් කාරණයක් නොවුණත් ශ්‍රී ලංකාවට කොවිඩ් තත්ත්වයක් ඇති නොවනු ඇති බව ද සඳහන් කළ නොහැකි බවත් ආසියාවේ කොවිඩ් වැඩිවිමක් තිබෙන බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ප්‍රධාන වශයෙන් මහනුවර, ගාල්ල, ජාතික රෝහල් දෙකෙහි සහ PCR තියෙන රෝහල්වල PCR කිරීම වැඩි කර තිබෙන බවත් කෙසේ වෙතත් ඔබට උණ, හෙම්බිරිසාව හැදුණොත් මුඛ ආවරණයක් පාවිච්චි කිරීම වඩාත් හොඳ බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.