Wednesday, May 28, 2025
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍තෝලික උපදේශක මණ්ඩලය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

අධ්‍යාපන අමාත්‍යංශය රටේ පවතින ප්‍රධාන ආගම් නියෝජනය වන පරිදි උපදේශක කමිටු පත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව බෞද්ධ උපදේශක මණ්ඩලයට අදාල පත් කිරීම මීට පෙර සිදු කළ අතර නව ක‍තෝලික උපදේශක මණ්ඩලය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවිය.

කතෝලික උපදේශක මණ්ඩලයට අදාල පත්වීම් වසර තුනක කාලයකට වලංගු වන අතර කතෝලික රදගුරු සංගමයේ අධ්‍යාපනය භාර සහ හලාවත පදවිය භාර රදගුරුතුමන් ඇතුළු සෑම පදවියකම ප්‍රසාදීන් වහන්සේලා විසිදෙනෙකුට (20) මෙහි දී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

කතෝලික උපදේශක මණ්ඩලය කතෝලික අධ්‍යාපනය පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමියට අවශ්‍ය උපදේශකත්වය සපයන අතර අමාත්‍යාංශයේ සිදුවන කතෝලික ක්‍රියාකාරකම් සඳහා උපදේශන මණ්ඩලය සිය දායකත්වය ලබාදෙනු ඇත.