අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද කොළඹ නිදහස් චත්‍රරග්‍රයේදී සිදු කෙරේ.
ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ ඊයේ (25) තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පීනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය අද පෙරවරු 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර කරන අතර සිට පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව ලබා දී තිබේ.
පස්වරු 3.30ට ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධාගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදි කළ විශේෂ වේදිකාව වෙත රැගෙන ඒම සිදු වේ.
පුෂ්පෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිමා කෙරේ.
සිනමා ඉතිහාසයේ නිළි රැජනියක ලෙස කිරැල හිමි කරගත් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ ප්‍රවීණ රංගන ශිල්පිනිය දසක ගණනාවත් තිස්සේ ප්‍රේක්ෂක ආදර ගෞරවයට පාත්‍රා වූ අතර අදන් පසු ඇය සාදා මතකයන් පමණක් ඉතිර කර අපෙන් වෙන්ව යනු ඇත.