Tuesday, March 10, 2026
Follow Us
අස්වැසුම අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ මුදල් බැංකු වෙත බැර කරයි

අස්වැසුම වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් සහ සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944කට රුපියල් බිලියන 2.9ක් අද (11)  බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා අද සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව වාර්තා වෙයි

2025 අප්‍රේල් මස සිට අයවැය මඟින් රජය විසින් මෙතෙක් වැඩිහිටියන් සඳහා ලබාදුන් රු.3000ක වැඩිහිටි දීමනාව රු.5000ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇත.

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ එම දීමනාවද අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා 2025 අප්‍රේල් මස සිට ගෙවීමට කටයුතු කර ඇති බවයි.