Thursday, September 03, 2026
Follow Us
ගම්පහ වික්‍රමාරච්චි දේශිය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ගැටලු විසඳීමට විශේෂඥ කමිටුවක් පත් කෙ‍රේ

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨවල වත්මන් තත්ත්වය, උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත නිර්දේශ සහ යෝජනා ලබා ගැනීම සඳහා නිලධාරීන් පස් (5) දෙනෙකුත් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව එම කමිටුව,

1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.එල් වසන්ත කුමාර. (කමිටු ප්‍රධානි ලෙස)

2. ⁠අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එච්. ජී අප්සරා කල්දේරා.

3. ⁠විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සමාජික, ජනාධිපති නීතිඥ සී.කේ.ඩබ්. උනම්බුව.

4. ⁠කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපධි අධ්‍යයනාංශයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම.

5. ⁠රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය හේමාලි මුණසිංහ.

යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.