Thursday, September 03, 2026
Follow Us
රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ පැටවුන්ට නම් තැබේ
අම්බලන්තොට - රිදියගම සෆාරී උද්යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබීම ඊයේ (12) සිදු කෙරිණ.

සිංහ පැටවුන් හය දෙනා වෙනුවෙන් නම් 4000 ක් මහජතාව විසින් යෝජනා කර තිබු අතර ඉන් තෝරාගත් නම් හයක් තැබීම සිදු කෙරුණේ සත්වෝද්යාන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආර්.සි රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.

අනුව පිරිමි සිංහ පැටියාට මේඝා යනුවෙන් ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අාග්රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තැබීමට සත්වෝද්යාන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ.
එම නම් යෝජනා කළ අයගෙන් තුන්දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ට තිලිණ ප්රදානයක් ද සිදු කර තිබේ.
ලාරා සහ සූලාගේ පැටවුන්
1. මේඝ (පිරිමි සතා ) - උතුම් ඉඳුවර (ගාල්ල)
2. ටාරා - අහිංසා දිල්රුක්ෂි (දැරණියගල)
3.අග්රා - තේමින්දී දෙහන්සා
ඩෝරාගේ සහ වොලීගේ පැටවුන්
1. භූමි - නිශිතා එගොඩගෙදර
2.අකීරා - දුලීශා පරණමාන (පානදුර)
3.එල්සා - දිලීප නිර්මාල් (බිංගිරිය)