Wednesday, March 11, 2026
Follow Us
අධික වර්ෂාවෙන් හානි වූ පාලමට දින 2න් තාවකාලික පාලමක්

අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්‍ය මඬුල්ල මනම්පිටිය- අරලගංවිල (B – 502 ) මාර්ගයේ 19/1 හානි වූ පාළම වෙනුවට යෝජනා වූ තාවකාලික යකඩ පාළම ඉදි කිරීම ඊයේ රාත්‍රී අවසන් කර තිබෙනවා.

අද උදෑසන සිට එය රථ වාහන ධාවනයට විවෘත කෙරුණා. මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් දින 15ක් දක්වා ගත වන මෙම කාර්යය ⁣ඉංජිනේරුවන් සහ කාර්ය මඬුල්ලේ දිවා රාත්‍රී අඛණ්ඩ කැප වීම නිසා දින දෙකකින් නිමා වීමයි.