Thursday, May 08, 2025
Follow Us
උත්සව සමය කේන්ද්‍ර කර ගෙන විශේෂ වැටලීම්

උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.‍

සුපිරි වෙළෙඳසැල් , සිල්ලර වෙළෙඳසැල් , ජංගම ව්‍යාපාරික ස්ථාන එම කාලසීමාව තුළ පරීක්ෂා කිරීමට නියමිතයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළදුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ සම්බන්ධයෙන් ද මෙම කාල සීමාව තුළ විශේෂ අවදානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේය.

උත්සවය සමය තුළ පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

ලබන ජනවාරි 15 වැනිදා දක්වා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක වෙයි.