Wednesday, February 11, 2026
Follow Us
දකුණු පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් දකුණු පළාතේ සියලු රෝහල්වල අද (05) දිනයේ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා හේතුවී ඇත්තේ පරිපූරක වෛද්‍ය සේවාව සහ අතුරු වෛද්‍ය සේවාවට අදාළ උපාධිදාරීන් සඳහා විශේෂිත වැටුප් තලයක් සැකසීම සම්බන්ධයෙන් ඇති ගැටලු, පරිපූරක වෛද්‍ය සේවාව සහ අතුරු වෛද්‍ය සේවාවේ මාණ්ඩලික සේවා තත්ත්ව ඇති කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම් පැවරීමේදී දක්වන අයහපත් ප්‍රතිචාර බවයි.

මේ සඳහා යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් හෙට (06) උදෑසන 8.00 සිට රට පුරා ක්‍රියාත්මක වර්ජනයක් දක්වා වර්ධනය කරන්නට සිදුවෙන බවද සඳහන් කළා.

(Neth)