Friday, May 09, 2025
Follow Us
අරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සඳහා යොමු කර  ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා ඔස්සේ කරුණු ප්‍රචාරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර  තිබේ. 

ආරක්‍ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2024 සැප්තැම්බර් මස 22 වන දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්, ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 දින දක්වා පමණක් හිමි ගන්වන ලෙස බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතරකොට නොමැති බව ද  ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටියි.