Wednesday, March 11, 2026
Follow Us
දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය

සංචාරක නවසීලන්තයට එරෙහිව හෙට (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් මෙම සංචිතයට කැඳවා ඇත.

එමෙන්ම මිලාන් රත්නායක ද මෙම සංචිතය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ අනුව, දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින්

ධනංජය ද සිල්වා (නායක)
දිමුත් කරුණාරත්න
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
නිශාන් පීරිස්
ප්‍රභාත් ජයසූරිය
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු