Thursday, May 15, 2025
Follow Us
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වන නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත.

වස්සාන කාලය ආරම්භ වී මාසයකට පසු එළඹෙන නිකිණි පුර පසළොස්වක පොහොය, මෙදින සිදු වූ සිද්ධීන් ගණනාවක් හේතුවෙන් බෞද්ධ ජනතාවට විශේෂ වැදගත්කමක් දරයි.

බුද්ධ ප්‍රධාන උපස්ථායක ආනන්ද මහ තෙරුන් වහන්සේ අරහත්වයට පත් වීමත් ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීමත් මෙම පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයකි.

ලෝක ප්‍රසිද්ධ මහනුවර ඇසළ පෙරහැරෙහි අවසානය සනිටුහන් කරන්නේද නිකිණි පුන් පොහෝ දිනයෙහි වීමද විශේෂත්වයකි.