Wednesday, February 11, 2026
Follow Us
තද වැසි සහ සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ත්‍රීකුණාමලය සිට මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, එම ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළගේ වේගය ද පැයට කිලෝ මීටර් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ පිළිබඳ විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාව හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

(NEth)