Friday, May 16, 2025
Follow Us
කොළොන්නාව ජල ගැලීම් වළක්වා ගැනීමට අදාළ නිර්දේශ 16ක්

කොළොන්නාව ප්‍රදේශයේ ජල ගැලීම් ඇති වීම සඳහා බලපාන මූලික හේතු සොයාබලා ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහ අධීක්ෂණයට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 ජාතික ප්‍රතිපත්ති සම්පාදන විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

 ඒ අනුව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීම්වලට හේතුවන මූලයන් හඳුනාගෙන නැවත එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සම්බන්ධයන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සකස් කරන ලද වාර්තාව සහ නාගරික සංවර්ධන අධිකාරිය සකස් කරමින් පවතින කොළොන්නාව නගර සැළසුම හා කොටිකාවත්ත - මුල්ලේරියාව නගර සංවර්ධන සැළසුම මාස 04ක කාලයක් තුළ සකස් කිරීම ඇතුලු නිර්දේශ 16ක් , කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව නිර්දේශ ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එම නිර්දේශ නිසි අධ්‍යයනයකින් පසු අදාළ වගකිවයුතු ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට සහ ඒ සම්බන්ධයෙන් අව්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන කමිටුවනේ සිදු කෙරේ.