Friday, May 16, 2025
Follow Us
අලුත්වැඩියාවකට දුම්රිය පාරක් වැසේ

කොළඹ කොටුව සහ මඩකලපුව දුම්රිය මාර්ගයේ පුනානි සහ වාලච්චේන දුම්රිය ස්ථාන අතර "ඔඩ්ඩමාවඩි මාකට් පාර" දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් වස තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළඹ කොටුව - මඩකලපුව දුම්රිය මාර්ගයේ පුනානි සහ වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය සැතපුම් 196 දම්වැල් 60 හි පිහිටි  "ඔඩ්ඩමාවඩි මාකට් පාර" දුම්රිය හරස් මාර්ගය අලුත් වැඩියා කිරීම හේතුවෙන් 2024.08.03 දින පෙරවරු 7.00 සිට පස්වරු 4.30 දක්වා සම්පූර්ණයෙන්ම ද, 2024.08.03 දින පෙ.ව. 4.30 සිට 2023.08.04 දින පස්වරු 10.30 දක්වා අර්ධ වශයෙන් ද වසා තැබෙන බවයි.

 මෙම දුම්රිය හරස් මාර්ගය වසාතබන කාලසීමාව තුළ විකල්ප මාර්ගය වශයෙන් "සෙවන හාජියාර් මාවත" භාවිතා කල හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.