Saturday, May 09, 2026
Follow Us
උතුරු පළාතේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සාකච්ඡාවක්

උතුරු පළාත ජාතික ආර්ථිකයේ වැඩි කොටසකට එක් කර ගැනීම ජනාධිපතිතුමාගේ මූලික එක් අරමුණකි.

මුලතිව්, මන්නරම, කිලිනොච්චි හා වව්නියා යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් නිෂ්පාදන ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම එම වැඩපිළිවෙළෙහි පරමාර්ථයයි.

උතුරු පළාතේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ දී පැවැත්විණ.