ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ රාජ්‍ය නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්විණ.
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණයි.
අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් සිසුන් 5000 කට ශිෂ්‍යාධාර වෙන්කර ඇත.