Wednesday, February 11, 2026
Follow Us
උමා ඔය ව්‍යාපෘති කිහිපයක් අද ජනපතිගේ අතින් ජනතා අයිතියට පත් කෙරේ

උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

ඒ යටතේ අලිකොටආර, ඩයබරා ,පුහුල්පොල හා හඳපානාගල ජලාශ අද විවෘත කිරීමට නියමිතව ඇති අතර අලිකොටආර ජලාශයේ ධාරිතාව අක්කර අඩි 5200 ක් වෙයි.

එමෙන්ම කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමා අද නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.

එම විදුලි බලාගාරයෙන් ජනනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි.

(Aruna)