Monday, April 29, 2024
Follow Us
අවුරුදු සමයේ අපිරිසිදු ආහාර අලෙවි කළ මහනුවර හෝටල් 12කට නඩු

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරික ආයතන 12කට නඩු පැවරීමට කටයුතු කළ බව මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය.

පරිභෝජනයට නුසුසුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 500ක් පමණ සිය දෙපාර්තමේන්වේ භාරයට ගත් බවත් එවැනි ආයතන 55කට අවසන් නිවේදන නිකුත් කළ බවත් ඒ මහතා පැවසීය.

උත්සව සමයේදී මහනුවර නගරය හා නාගරික සීමාව, කටුගස්තොට ඇතුලු තවත් උපනගරවල කරන ලද වැටලීම් හා පරීක්ෂා කිරීම්වලදී මෙම නඩු පැවරීම් සිදුකළ බව ඔහු සඳහන් කළේය.

මිනිස් පරිභෝජනයට සුදුසු නොවන අන්දමින් තිබුණු අල, වම්බටු, ළූණු ආදිය මහනුවර මහ නගර සභාවේ භාරයට ගෙන ඇති අතර කොත්තු, ප්ලේන් රොටී ආදිය අපිරිසිදු අන්දමින් පවත්වාගන ගිය ආයතන ද වැටලූ බව ද ඒ මහතා කීවේය.

අවුරුදු නිමාවීමෙන් පසුව ද මේ අයුරින් වැටලීම් සිදුකරන බවත් සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාදීමට ආයතන දිගින් දිගටම යොමු කරන බවත් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.