Monday, April 29, 2024
Follow Us

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

එසේම අනාරක්ෂිත හා නොසැලකිලිමත් බස් රථ ධාවනයෙන් යම් අයෙක් පීඩාවට පත්වන්නේ නම් දැනුම් දෙන ලෙසද සඳහන් කරයි.

මීට අමතරව This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ මේල් ලිපිනයට සහ 0112 503725, 0112 058138 ෆැක්ස් අංකවලට ද මෙවැනි තොරතුරු ලබා දිය හැකියි.