Tuesday, May 20, 2025
Follow Us
කාසල් රෝහලෙන් පියවරුන්ට සුබ ආරංචියක්

දරු ප්‍රසූතියේ දී පියවරුන්ට ප්‍රසූතාගාරය තුළ සිටීමට අවස්ථාව ලබා දීමට කාසල් වීදියේ කාන්තා රෝහල නව වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ මෙම වැඩපිළිවෙල දියත් කළ ප්‍රථම රජයේ රෝහල මෙය වන බවයි.

මාතෘ වාට්ටුවේ සෑම මවකටම වෙන වෙනම කාමර සකස් කර තිබේ.

ඒ අනුව දරු ප්‍රසූතියේ දී සැමියාට තමා සමඟ සිටීමට අවස්ථාව සලසන වැඩසටහන තුළින් මවට යහපත් මානසික තත්ත්වයකින් දරුවා ප්‍රසූත කිරීමට හැකි වන බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන තුළින් මවගේ වේදනාව දෙදෙනා අතර බෙදාහදා ගැනීමට හැකිවන බවත්, අඹුසැමි සබඳතා මෙන්ම දෙමාපිය දූදරු සබඳතාව වඩාත් ශක්තිමත් වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.