Friday, May 17, 2024
Follow Us
කතකට තනිව සැරිය හැකි හොඳම රට ලංකාව

වර්තාමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකු තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පෙන්වා දෙයි.

1997 සිට 2010 වසරේ දක්වා උපත ලද කාන්තාවන් බොහෝ දෙනෙකු අද වනවිට තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද ටයිම් අවුට් සඟරාව ප්‍රකාශ කළේය.එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත සිදු කළ ශ්‍රේණි ගතකිරීමට ටයිම් අවුට් සඟරාව ප්‍රධාන වශයෙන් රටවල් 9 ක් ඇතුළත් කර ඇත.

අලුත් මිතුරන්, වෙනස් සංස්කෘතීන් සහ මතක හිටින අත් දැකීම් සොයා ලෝකයේ ඈත කෙළවරවල් වල තිබෙන රටවල් පවා සංචාරය කිරීමට තරුණ වයසේ සිටින කාන්තාවන් බොහොමයක් වර්තමානයේ පෙළඹී ඇති බව ටයිම් අවුට් සඟරාව වාර්තා කළේය.එලෙස වික්‍රමාන්විතයක තනිව යෙදීම සඳහා කාන්තාවට ආරක්‍ෂිත වටපිටාවක් ඇත්තේ රටවල් කිහිපයක පමණක් බවද එම සඟරාව පෙන්වා දී තිබේ.

සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව කළ ශ්‍රේණිගත කිරීමට අනුව එලෙස කාන්තාවකට තනිව ආරක්‍ෂිතව සංචාරය කළ හැකි රටවල් අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බවත් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් පෘතුගාලයට සහ චෙකියාවට හිමිව ඇති බවත් ටයිම් අවුට් සඟරාව පැවැසුවේය.එම ශ්‍රේණිගත කිරීමේ සිව් වෙනි ස්ථානය ජපානයට හිමිව ඇති අතර අවසන් ස්ථානය වූ නව වැනි ස්ථානය නවසීලන්තයට හිමිව ඇත.