Tuesday, May 20, 2025
Follow Us
පිලිප් ගුණවර්ධන 52 වන ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක හිමිපාණන්වහන්සේ ගුණ සැමරුම් උත්සවයේ මුලසුන හෙඹවූහ.

මෙහි ප්‍රධාන දේශනය “පරිසරය සහ සංවර්ධනය” මැයෙන් පරිසර පද්ධති විද්‍යාඥ මහාචාර්ය රනිල් සේනානායක මහතා විසින් සිදු කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මින් සහ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද, තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, විද්වතුන් රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ පිලිප් ගුණවර්ධන පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.