Wednesday, February 11, 2026
Follow Us
බොහෝ ප‍්‍රදේශවලට තවදුරටත් වැසි

ශී‍්‍ර ලංකාවට දකුණු දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල වැසි තත්වය තවදුරටත් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව, දකුණු, බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ත් 200 ත් අතර ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද අපේක්ෂිත කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

(Neth)