Monday, April 29, 2024
Follow Us
උතුරුමැද පළාතේ සා/පෙළින් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

පාසල් වේලාවෙන් පසු වෘත්තිය පුහුණුව ලබා දිමේ ජාතික වැඩ සටහනට සමගාමි උතුරුමැද පළාත් වැඩසටහනේ සමාරම්භය පසුගියදා සිදු කෙරිනි.

ඒ උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් හා අධ්‍යාපන අමත්‍යංශ ලේකම් අබය ලක්ෂ්මී හේවා පතිරණ මහත්මියගේ ප්‍රදානත්වයෙන්, නාච්චාදුව සිංහල මහා විද්‍යාලයේ දි .

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ප්‍රතිඵල ලැබෙන තුරු පාසලතුලම රඳවා ගනිමින් ඔවුන්ගේ අනාගතය සැලසුම් කරගැනිම සදහා අතවශ්‍ය වෘත්තිය මාර්ගෝපදේශණය, ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මෙහි දි උගන්වනු ලබයි. මෙමගින් දැණුමින් පෝෂිත මෙන්ම වෘත්තිය අධ්‍යාපානයෙන් හෙබි වැඩ ලෝකයට වැඩදායි ශක්තිමත් මිනිසෙකු නිර්මාණය කිරිම මෙම වැඩ සටහනේ අරමුණයි.