Tuesday, May 20, 2025
Follow Us
කුරුණෑගල විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට රු.මි. 7කට වැඩි ශිෂ්‍යත්ව

දිරියෙන් විභාග කඩයිම් ජයගත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල් මිලියන 7.6 කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා සිදු විය.

ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදේශගතවූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රමිකයන්ගේ දූ දරුවන් හට මෙම ශිෂ්‍යත්ව පිරිනැමුනේ

 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදි 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හා උසස් අධ්‍යාපනය හදාරන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදුකෙරිණි.