Monday, April 29, 2024
Follow Us
ගොවි ජනතාවට ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට කිසිදු යෝජනාවක්  නැහැ

ගොවිතැන් කටයුතු සඳහා ගොවි ජනතාවට  නොමිලයේ ලබා දෙන ජලයට ගාස්තූවක් අය කිරීමටත්, ජලය පුද්ගලීකරණය කිරීමට යන බවටත් ඇතැමුන් කරන  චෝදනා පදනම් විරහිත බවත්, එම ප්‍රකාශ මුළුමනින් ම  අසත්‍ය බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි

මේ සම්බන්ධව කිසිඳු  යෝජනාවක් හෝ අඩුම තරමින් සාකච්ඡාවක්වත් රජය තුළ සිදුවී  නොමැති බවත්   කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ අමාත්‍ය මණ්ඩලයටවත් එවැනි යෝජනාවක්වත් ඉදිරිපත් වී නොමැති බවත්   ගොවි ජනතාව නොමඟ යැවීම සඳහා ඇතමුන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව ද අමාත්‍යවරයා පවසයි.

හාතාගල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් වැඩි කිරීම සඳහා හදබිම අධිකාරිය විසින්  පවුල් 200කට කුකුළු පැටවුන් ලබා දීමේ වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය කිසිඳු අවස්ථාවක ගොවි ජනතාවට ලබා දෙන සහන කප්පාදු නොකරන  බවත්   ගොවි ජනතාවට වගාව සඳහා ලබා දිය හැකි සියලු සහන ලබා දෙන බවයි.