Friday, March 13, 2026
Follow Us
පන්දාහක දඩය ගෙවාගන්න බැරිව මාස 3ක් හිරේ සිටි රැඳවියාට නිදහස

ආර්ථික අපහසුතාවයක් හේතුවෙන් රුපියල් 5000ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාස තුනක් බන්ධනාගාරගත කර සිටි අයෙකු, එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර තිබේ.

එම්.එච්. වසන්ත නමැති රැඳවියෙකු මෙසේ නිදහස් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර අධිකාරී රෝහන ගලපත්ති, නියෝජ්‍ය ප්‍රධාන ජේලර් රුවන් ගාමිණී, බන්ධනාගාර වීක්ෂණ කමිටු සාමාජික නස්රීන් නසීර් සහ පුනරුත්ථාපන නිලධාරී ගයාන් ලක්ෂිත යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Dinamina