Sunday, June 15, 2025
Follow Us
ග්ලුකෝමා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

ලොව පුරා ග්ලුකෝමා රෝගයෙන් පීඩාවිඳින ප්‍රමාණය මෙන්ම මෙරට තුළ ද මෙම රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

"ලොකේ ගත්තත්, ලංකාව ගත්තත් අන්ධභාවයට පත්වෙන්න තුඩු දෙන එක ප්‍රධාන හේතුවක් තමා ග්ලුකෝමා රෝගී තත්ත්වය. ලෝකයේ සියයට කීයක් ඉන්නවද කිව්වොත් 3.54%යි. හැබැයි ලංකාවේ 5%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපේ වැඩිහිටි ජනගහනය වැඩිවීම මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ 5%කට පමණ ආසන්න ප්‍රමාණයක් ඇස්තමේන්තු කරලා තියෙනවා මේ රෝගයෙන් පෙළෙනවා කියලා. ඒ නිසා ඇස් පරීක්ෂා කරගැනීම සඳහා යොමු කරන එක ඉතා වැදගත් වෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් අපේ රටේ තියෙන අක්ෂි ආබාධ කල් ඇතිව හඳුනාගෙන වළක්වා ගත හැකි ආබාධ වළක්වා ගැනීමට වැඩසටහන් සම්පාදනය කරලා තියෙනවා."